Mechanizing Agriculture for Tomorrow

ශ්‍රී ලංකාවේ ගොවි බිමේ තත්ත්වයනට ගැලපෙන ලෙසත්, කම්කරු හිගයට පිළියම් ලෙසත්, කාර්යක්ෂම හා ශක්තිමත් කෘෂි යන්ත්‍ර නිෂ්පාදනය කිරීම අපගේ අරමුණයි.
වැඩි විස්තර සඳහා අමතන්න

ඇග්‍රි මාස්ටර්


ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට නම් නිෂ්පාදන ආර්ථිකයක් වෙත යායුතු ය. එහි දී කෘෂි නිෂ්පාදන ආර්ථිකය නැන්වීමට නම් කෘෂිකර්මය යාන්ත්‍රීකරණය කිරීම අත්‍යවශ්‍ය ය. කෘෂිකර්මය යාන්ත්‍රීකරණය කිරීමේ දී ලංකාවේ ගොවිබිමේ පවත්නා සුවිශේෂ තත්වයන් පිළිබඳ අවබෝධය අතිෂයින් ම වැදගත් ය. ඒ වෙනත් රටවල පවත්නා සුවිශේෂ තත්ත්වයනට ගැලපෙන සේ නිර්මාණය කරන ලද තාක්ෂණයන් මෙරට දී සම්පූර්ණයෙන් ම සාර්ථක නොවන බැවින් සහ එවැනි තාක්ෂණයන් මෙරට ගොවීන්ගෙන් ප්‍රතික්ෂේප වන බැවිනි.

අපගේ සුවිශේෂත්වය වන්නේ ලංකාවේ ගොවි බිමේ පවත්නා රළු තත්ත්වයන් පිළිබඳ මනා අවබෝධයකින් යුතුව වඩාත් ගැලපෙන, ශක්තිමත් සහ කාර්යක්ෂම කෘෂි යන්ත්‍ර නිෂ්පාදනය කොට ඉදිරිපත් කිරීමයි. එමෙන් ම ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන කම්කරු හිගයට අපගේ නිෂ්පාදන ඔස්සෙ අපි පිළියම් ඉදිරිපත් කරමු.

2016 වසරේ හොඳම කෘෂි යාන්ත්‍රික නිෂ්පාදනයට හිමි ජනාධිපති සම්මානය ද, 2018 වසරේ නව නිපැයුම් කරුවන්ගේ කොමිසම මගින් පිරිමනැමෙන ඉහලම සම්මානය වන ‘දසිස්’ සම්මානය ද, අපට හිමි වූයේ අපගේ මෙම ප්‍රයත්නය නිසා ය

අපගේ කෘෂියාන්ත්‍රික නිෂ්පාදන


කර්මාන්තශාලා නිෂ්පාදන ක්‍රියාවලිය


ඇනවුම් කිරීම සඳහා අමතන්න

ජයවර්ධන ඉංජිනියරින්


ගල්කන්ද, දේවාළහිඳ, අම්පාර.

දුරකථන: 0774512480, 0715216016