‘ඇග්‍රි මාස්ටර්’ බීජ සිටුවීමේ සහ පොහොර යෙදීමේ යන්ත්‍රය

(Seeder cum Fertilizer Drill)


ට්‍රැක්ටරයකට අමුණා ක්‍රියාත්මක කරන මෙම යන්ත්‍රය මගින් ගොවිබිමේ බීජ සිටුවීමට අවශ්‍ය කානු හෑරීම, පොහොර යෙදීම, බීජ සිටුවීම සහ කානු නිසි පරිදි වසා දැමීම යන කාර්යයන් හතරක් එකවර සිදු කෙරෙයි. එහි දී පේළි අතර පරතරය සහ පැල අතර පරතරය නිසි පරිදි තබා ගත හැකි අතර බීජය සිටුවන ගැඹුර ද මනා ලෙස පාලනය කළ හැකිය. එසේම යෙදිය යුතු පොහොර ප්‍රමාණය ද පාලනයක් ඇතිව කානුව වෙත යොමු කළ හැකිය.

ඉරිඟු, සෝයා, මුං, මෑ, කව්පි, සෝගම් සහ සූරියකාන්ත වැනි බීජ වර්ග වගා කිරීම මෙම යන්ත්‍රය මගින් සිදුකළ හැකිය.


එක අක්කරයක බීජ සිටුවීමට සහ පොහොර යෙදීමට ගතවන කාලය පැය එකක් පමණ වේ

ඇනවුම් කිරීම සඳහා අමතන්න

ජයවර්ධන ඉංජිනියරින්


ගල්කන්ද, දේවාළහිඳ, අම්පාර.

දුරකථන: 0774512480, 0715216016